සෑම පළාතකටම අපරාධ කොට්ඨාසයක්...

සෑම පළාතකටම අපරාධ කොට්ඨාසයක්...

by Staff writer 10-08-2025 | 7:15 AM

COLOMBO (News 1st) - සෑම පළාතකම අපරාධ කොට්ඨාසයක් ආරම්භ කළ බව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඒ, අපරාධ මැඩලීමේ මෙහෙයුම්වලට සමගාමීවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අධීක්ෂණය යටතේ එම අපරාධ කොට්ඨාස ආරම්භ වන බව, වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ ය.

පොලිස් නිලධාරීන්ගෙන් ජනතාවට සිදුවන වැරදි සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවලක් ආරම්භ කර ඇතැයි ද, වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ ය.