මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය වීම ඉහළට

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා යොමුවීම ඉහළට...

by Staff writer 27-07-2025 | 7:51 AM

COLOMBO (News 1st) - විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා යොමුවීම ඉහළ ගොස් ඇතැයි, පුනරුත්තාපන කාර්යංශය පවසයි.

එම කාර්යංශය සඳහන් කළේ, පුද්ගලයින් 609 දෙනෙකු මේ වන විට පුනරුත්තාපනය කෙරෙන බවයි.

ඒ, කන්දකාඩු ,සේනපුර සහ වව්නියා යන පුනරුත්ථාපන මධ්‍යස්ථානවලදීයි.

එම මධ්‍යස්ථානවල පුද්ගලයින් 1120 ක් පුනරුත්තාපනය කිරීමේ හැකියාව පවතී.

ඒ අනුව තවත් 511 දෙනෙකු සඳහා එම මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් පවතින බව, පුනරුත්තාපන කාර්යංශය සඳහන් කළේ ය.