මහවැලි ගගට පැන්න සිරකරුවෙක් දියේ ගිලී අතුරුදන්..

සිරභාරයෙන් මිදී මහවැලි ගගට පැන පලායාමට තැත් කළඅයෙක් දියේ ගිලී අතුරුදන්..

by Staff writer 26-07-2025 | 9:34 AM

COLOMBO (News 1st) - සිරභාරයෙන් මිදී මහවැලි ගගට පැන පලායාමට උත්සාහ කළ සැකකරුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ , පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි සැකකරුවෙකු එලෙස අතුරුදන්ව ඇති බවයි.

එලෙස අතුරුදන්ව ඇත්තේ, 39 හැවිරිදි සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතුරුදන්වූ සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේ ය.