.webp)
ධීවරයින් 8 දෙනෙකු සමග - රූට් බබා 06 - බහුදින ධීවර යාත්‍රාව වෙන්නප්පුවෙන් මුහුදු ගොස් තිබුනේ පසුගිය අප්‍රේල් 5 වැනිදායි.
මුහුදු සීමා උල්ළංඝනය කිරීම හේතුවෙන් ඔවුන්ව පසුගිය මස 02 වැනිදා අත් අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන් පවසන්නේ, ආහාර පාන ඇතුළු නිසි පහසුකම් නොවීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.
කඩිනමින් තමන් නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස ඔවුන් බලධාරින්ට දැනුම් දෙයි.
මේ අතර, මැඩගස්කරයේ බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 8 දෙනා නිදහස් කර ගැනීම සඳහා සීෂේල්හි මෙරට තානාපති කාර්යාලය හරහා කටයුතු කරමින් ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසුවේ , ප්‍රංශ භා සිංහල භාෂාව පිළිබඳ දැනුමැති භාෂා පරිවර්ථකයෙකු නොවීම හේතුවෙන් අදාල ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් මැඩගස්කර අධිකරණයේ විභාග වන නඩුව ලබන මස 4 වැනිදා දක්වා කල් ගොස් ඇති බවයි.