ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහාව අද රැස්වෙයි

by Staff writer 23-07-2025 | 12:15 PM

COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහාව අද(23) පස්වරුවේ රැස්වීමට නියමිතයි

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්යෙනි.

එහිදි අගවිනිසුරු ධූරය සදහා ජනාධිපතිවරයා නිර්දේශ කර එවූ නම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිතයි.

අගවිනිසුරු ධූරය සදහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කළ බව කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ(23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ය.