ඉරානයේ බස් අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මියයයි.

ඉරානයේ බස් අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මියයයි.

by Staff writer 20-07-2025 | 10:18 AM

COLOMBO (News 1st) - ඉරානයේ ෂිරාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 34 දෙනෙකු ඉන් තුවාල ලබා ඇති බවයි.

ඉරානය, රිය අනතුරු බහුලව සිදුවන රටක්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරානයේ වාර්ෂිකව රිය අනතුරු 17000කට අධික ප්‍රමාණයක් වාර්තා වන බවයි.