අපරාධ කල්ලි සාමාජික ගල් ඉබ්බා අත්අඩංගුවට..

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගල් ඉබ්බා අත්අඩංගුවට..

by Staff writer 19-07-2025 | 1:06 PM

COLOMBO (News 1st) – අයිස් මත්ද්‍රව්‍ය සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගයාන් ප්‍රභාත් නොහොත් ගල් ඉබ්බා මතුගම බෝපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , කළුතර අපරාධ කොට්ඨාශය නිලධාරින් විසින් ය.

පොලීසිය සඳහන් කළේ , සැකකරු කලක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති අතර විවිධ චෝදනා හේතුවෙන් එරටින් පිටුවහල් කර ඇති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගත් ජංගම දුරකතනයක් ද සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී සොයා ගත් , අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 11කට ආසන්නයි.

සැකකරු අද මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.