ඊශ්‍රායලය හා සිරියාව සටන් විරාමයකට එකඟ වෙයි..

ඊශ්‍රායලය හා සිරියාව සටන් විරාමයකට එකඟ වෙයි..

by Staff writer 19-07-2025 | 12:41 PM

COLOMBO (News 1st) – ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ සිරියාවේ නව නායක අහමඩ් අල්-ෂාරා සටන් විරාමයක් සඳහා එකඟ වූ බව තුර්කියේ අමෙරිකානු තානාපති ටොම් බැරැක් පවසයි.

ඔහු සිරියාවේ සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ අවි බිම තබන ලෙසයි.

අසල්වැසි තුර්කියේ සහ ජෝර්දානයේ සහාය ඇතිව සටන් විරාම ගිවිසුමට එකගතාවය පළවී තිබේ.

පසුගියදා ඊශ්‍රායල හමුදාව දකුණු සිරියාවට ප්‍රහාර මාලාවක් එල්ල කළේ ය.  

ඒ දකුණු සිරියාවේ ඩෲස් ප්‍රජාවේ සාමාජිකයින් සහ බෙඩොයින් ගෝත්‍රික කණ්ඩායම් අතර ගැටුම් ඇති වීමෙන් අනතුරුවයි.

ඊශ්‍රායලය මෙම හමුදා මෙහෙයුම දියත් කළේ, ඩෲස් ප්‍රජාව ආරක්ෂා කිරීමේ අරමුණින් ය.

ඊශ්‍රායලය පසුගිය බදාදා සිරියාවේ දමස්කස් අගනුවර හමුදා මූලස්ථානය ඇතුළුව ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබුණි.