.webp)
2025 සුමති සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස අද (15) පස්වරුවේ පැවැත්විණි.
සම්මාන උළෙලට, විද්වතුන්, කලාකරුවන්, නිර්මාන ශිල්පීන්, දේශපාලනඥයින් ඇතුලු බොහෝ පිරිසක් එක්ව සිටියහ.
විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය හැකියාවන් ප්‍රකට කළ බොහෝ පිරිසක් සම්මානයට පාත්‍ර වූහ.
හොඳම අධ්‍යාපනික ටෙලිවිෂන් වැඩසටහන සඳහා වූ සුමති සම්මානය සිරස TV අධ්යක්ෂ අසෝක ඩයස්ට හිමිවිය.
මේ සම්මානය සඳහා අසෝක තෝරා ගැනුණේ සිරස TV News1st ඔස්සේ විකාශය වන ‘පැතිකඩ’ කාලීන සංවාද වැඩසටහන මෙහෙයවීම ඔස්සේ සිදුකරන අධ්‍යාපනික කාර්යභාරය වෙනුවෙනි.
රන්දික හෙට්ටිආරච්චි නිෂ්පාදනය කළ "නොදුටු සිගීරිය" හොඳම රූපවාහිනී ගවේෂණශිලී ප්රවෘත්ති වාර්තාකරණයට හිමි සුමති සම්මානය දිනා ගත්තේ ය.
2024 සුමති සම්මාන උළෙලේ වසරේ දේශපාලන වැඩසටහනට හිමි දෙවන ස්ථානය - සමිත් බස්නායක දිනාගත්තේ 'සටන' වැඩසටහන වෙනුවෙන්.
වසරේ හොඳම සංගීත වැඩසටහන ලෙස සිරස TV ඔස්සේ විකාශය කළ සජ්ජායනා වැඩසටහන සුමති සම්මානයට පාත්‍ර විය.
සිරස TV ඔස්සේ විකාශය වන ආලවන්තී ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් සාරංග දිසාසේකර, වසරේ ජනප්‍රියම නලුවාට හිමි සම්මානය මිහිකර ගත්තේ ය.