.webp)
චමත්කාර රාත්‍රියේ පළමු දිගහැරුම වෙන් වන්නේ ප්‍රවීණ සංගීතවේදීන් වන ප්‍රියා සූරියසේනයන්ට හා ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙනුවෙනි.
මෙරට සංගීත ක්ෂේත්රයේ නොමැකෙන මතක රැසක් තැබූ ඔවුන් විසින් නිර්මාණය කළ ගීත රැසක් ප්‍රවීණ ගායක ගායිකාවන් විසින් එහිදී ගයනු ඇති.
ඒ ප්‍රියා සූරියසේනයන්ට හා වික්ටර් රත්නායකයන්ට සිරස FM සමාචාරය පුද කරමින්.
නලීන් පෙරේරා, සමිතා මුදුන්කොටුව, සංඛ දිනෙත්, නදීමාල් පෙරේරා,රයිනි චාරුකා, ඉරෝෂි සූරියසේන,ලක්ෂිත සූරියසේන යන ගායක ගායිකාවන් චමත්කාර රාත්රියේදී ගීතවත් වනු ඇති.
චමත්කාර රාත්‍රියේ සංගීතය මෙහෙයවන්නේ ප්‍රවීණ සංගීත අධ්යක්ෂ මහේෂ් දෙණිපිටිය මහතා විසින්.
චමත්කාර රාත්‍රිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් දෙපානම විකාශන මධ්‍යස්ථානයේදී අද පැවැත්විය.