COLOMBO (News 1st) - සීතාවක නගර සභාව, සීතාවක ප්රාදේශීය සභාව ඇතුලු ප්රාදේශීය සභා කිහිපයක සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් නිශ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේ ය.
පෙත්සම් ගොනු කර තිබුණේ, අදාළ පළාත් පාලන ආයතනවල විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් විසින් ය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝගය ප්රකාශයට පත් කළේ ය.