සා/පෙළ නැවත සමීක්ෂණ අයැදුම්පත් භාර ගැනීම අද සිට

සා/පෙළ නැවත සමීක්ෂණ අයැදුම්පත් භාර ගැනීම අද සිට

by Staff writer 14-07-2025 | 8:41 AM

COLOMBO (News 1st) - 2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් භාරගැනීම අද ආරම්භ වෙයි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ අද සිට 28 වැනිදා දක්වා ඒ සඳහා අයැදුම්පත් යොමු කළ හැකි බවයි.

2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 10 වැනිදාමධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණ.

විභාගය සඳහා ඉදිරිපත් වූ අයැදුම්කරුවන් සංඛ්‍යාව හාර ලක්ෂ 74147 කි.

ඒ අතර පාසල් අයැදුම්කරුවන් තුන් ලක්ෂ 98182ක් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.