ගනේමුල්ලේ නිවසකට වෙඩි තැබීම ගැන විමර්ශන..

ඩුබායි වීසා නිලධාරියෙකුගේ ගනේමුල්ලේ නිවසට වෙඩි තැබීම ගැන විමර්ශන..

by Staff writer 14-07-2025 | 9:49 AM

COLOMBO (News 1st) - ගනේමුල්ල, ඉඹුල්ගොඩ, අමුණුගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 03 ක් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පොලීසිය පැවසුවේ, එම නිවසේ හිමිකරු හිමිකරු ඩුබායි රටේ වීසා නිලධාරියෙකු ලෙස සේවය කරන අතර ඔහු විසින් සංවිධානාත්මක අපරාධකරුවන්ට වීසා සැකසීමේදී ඇතිවූ එකඟතාවකට එරෙහිවීම හේතුවෙන් වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට සිදු කළ  විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

වෙඩි තැබීමෙන් දෙමහල් නිවසේ ඉහළ මහලේ ජනේලයට හා ආරක්ෂිත යකඩ වැටට අලාභහානි සිදුව ඇති අතර තුවාල හෝ ජීවිත හානි කිසිවක් සිදුව නැහැ.

පසුගිය 11 වැනිදා රාත්‍රී කාලයේ එම නිවසකට කිසියම් පිරිසක් වෙඩි තබා තිබුණි.

පොලිසිය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේ ලැබුණ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි.