යුරෝපා සංගමයෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්...

30% තීරු බදු පැනෙව්වාට යුරෝපා සංගමයෙන්අමෙරිකාවට අනතුරු ඇඟවීමක්...

by Staff writer 13-07-2025 | 7:55 AM

COLOMBO (News 1st) - යුරෝපා සංගමය, අමෙරිකාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ, අගොස්තු 01 වැනිදා සිට 30% ක තීරුබදු පැනවීම සම්බන්ධයෙනි.

යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් සඳහන් කළේ අමෙරිකාව පැනවූ තීරු බදු සමග යුරෝපා සංගමය තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බවයි.

ඒ අනුව අමෙරිකානු ක්‍රියාකලාපය අනුව සිය සාමාජික රටවල් අගොස්තු පළමු වැනිදා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව, වාර්තා වේ.

30% ක තීරුබදු පැනවීම අත්ලාන්තික් සාගරයෙන් පිටත සිටින ව්‍යාපාරිකයින්ට, පාරිභෝගිකයින් සහ රෝගීන්ට එහි අහිතකර බලපෑම් සිදු විය හැකි බව, ඇය අවධාරණය කළා ය.

මේ අතර ජර්මානු ආර්ථික අමාත්‍ය කැතරිනා රීච් නිවේදනය කළේ, නව තීරු බදු ප්‍රකාශයට පත් කිරීම යුරෝපා සංගමයේ රටවලට මෙන්ම අමෙරිකානු ආර්ථිකයට ප්‍රබල පහරක් වනු ඇති බවයි.

ඒ අනුව අත්ලාන්තික් සාගරයෙන් පිටත ආර්ථිකයින්ට එය ප්‍රභලවම බලපෑමක් සිදු වන බව ඇය පැවසුවා ය.

එමෙන්ම ඉදිරියේදී ඉහළ යන පිරිවැය හේතුවෙන් ජර්මානු මෝටර් රථ කර්මාන්තයට බලපැම් එල්ල විය හැකි බව මෝටර් රථ නිෂ්පාදකයින් පවසයි.

ඔවුන් සඳහන් කළේ මේ වන විටත් ඔවුන්ගේ පිරිවැය බිලියන ගණනින් ඉහළ  ගොස් ඇති බවයි.

අගෝස්තු 01 සිට 30%ක් ලෙස නිවේදනය කළ බදු සම්බන්ධයෙන් මෙක්සිකෝවද අමෙරිකාව විවේචනය කර තිබේ.

ට්‍රම්ප්ගේ තීරු බදු ගිවිසුම අසාධාරණ ගිවිසුමක් බවත් ඒ සඳහා එකඟ නොවන බවත් මෙක්සිකානු ආර්ථිකය සහ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.