විම්බල්ඩන් කිරුළ දැරූ පෝලන්තයේ ඊගා ශ්වියොන්ටෙක්

පෝලන්තයේ ඊගා ශ්වියොන්ටෙක් විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනා ගනී..

by Staff writer 13-07-2025 | 8:10 AM

COLOMBO (News 1st) - පෝලන්තයේ ඊගා ශ්වියොන්ටෙක් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනාගනී.

ඒ අමෙරිකාවේ ඇමැන්ඩා අනිසිමෝවා සමග පැවති අවසන් තරගය වට 2ට 0ක් ලෙස ජය ගනිමිනි.

එංගලන්තයේ ලන්ඩන්හිදී පැවති තරගයේ වට දෙකම ශ්වියොන්ටෙක් ජය ගත්තේ ලකුණු 6ට 0ක් ලෙසයි.

වත්මන් කාන්තා කේවල ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 4 වැනි ස්ථානයේ රැදී සිටින ඊගා ශ්වියොන්ටෙක් ජය ගත් පළමු විම්බල්ඩන් ටෙනිස් ශූරතාව මෙයවීමද විශේෂත්වයකි.