ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කළ දුම්රියක ගින්නක්

ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කළ දුම්රියක ගින්නක්

by Staff writer 13-07-2025 | 12:41 PM

COLOMBO (News 1st) - ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක ගින්නක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දුම්රියේ තෙල් ටැංකි 03ක් පිලී පැනීමෙන් ඇතිවූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි.

මනාලි ප්‍රදේශයේ සිට තිරුපති කලාපය දක්වා ගමන් කළ දුම්රියක අද(13) උදෑසන එලෙස ගින්න හටගෙන තිබේ.

ගින්න හේතුවෙන්  කිසිදු පුද්ගලයකුට හානියක් සිදු වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.