.webp)
පොලීසිය පැවසුවේ අද දහවල් 1.00 සිට රාත්රී 8.00 දක්වා සහ හෙට රාත්රී 10.00 සිට අනිද්දා (14) අලුයම දක්වා පෙරහැර ගාල්ල - කොළඹ ප්රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිත බවයි.
ඒ හේතුවෙන්, ඇතිවිය හැකි රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා අදාළ කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කළ යුතු වේ.
කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරන රථ වාහන, අහුන්ගල්ල හන්දියෙන් හරවා ඌරගස්මංහන්දිය හරහා කරන්දෙණිය මහාඒදණ්ඩ හන්දියට ගොස් අම්බලන්ගොඩ ධර්මාශෝක හන්දියෙන් ගාලු පාරට පිවිසිය හැකියි.
අදාළ වේලාවන්වල ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන රථ වාහන ධර්මාශෝක හන්දියෙන් කරන්දෙණිය මහාඒදණ්ඩ හන්දියට ගොස් ඌරගස්මංහන්දිය හරහා කොස්ගොඩට පැමිණ නැවත ගාලු පාරට පිවිසිය හැකි බව පොලිසිය පවසයි.