AirIndia ගුවන් අනතුරේ විමර්ශන වාර්තාව නිකුත්වේ.

එයාර් ඉන්දියා ගුවන් යානා අනතුරේ මූලික විමර්ශන වාර්තාවෙන් හෙළි වූ දේ...

by Staff writer 12-07-2025 | 11:12 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ අහමදාබාද්හිදී සිදුවූ එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳ මූලික විමර්ශන වාර්තාව නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය විසින් පිටු 15 කින් යුත් මූලික වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ඒ සොයාගත් කලු පෙට්ටිය මත පදනම්ව සහ නියමු කුටිය තුළ පටිගත වූ කරුණු පදනම් කරගනිමින් ය.

අනතුරු විමර්ශන කාර්යංශය පැවසුවේ, යානය ගුවන් ගත වීම ඇරඹීමත් සමග එන්ජින් වෙත ඉන්ධන සැපයීම ක්‍රියාකරවන ස්වීච් දෙකම , ධාවන හෙවත් RUN තත්ත්වයේ සිට - CUT OFF -තත්ත්වයට පත් කලේ ඇයි දැයි එක් නියමුවෙකු අනෙක් නියමුවාගෙන් අසන හඩ පටිගතව ඇති බවයි.

කෙසේ නමුත් අනෙක් නියමුවා, තමා සේ නොකළ බව ද ප්‍රකාශ කර තිබේ.

ඉන් පසු  තත්ත්පර 04කට පසු යළි එම ස්වීච්ච යළි යථාතත්වයට පත් කර තිබුණි.

එහෙත්, ඉන් තත්ත්පර 09කට පසුව, නියමුවෙකු විසින්  ගුවන් පාලන නිලධාරීන්ට යානය කඩා වැටෙන බවට අනතුරු ඇගවීමේ නිවේදනය කර තිබුණි.

ඒත් සමගම යානය කඩා වැටුණු බව නිලධාරීන් උපුටා දක්වමින්, එම වාර්තාවේ සඳහන් ය.

කෙසේ වෙතත්, ඉන්ධන පාලන ස්විච දෙකම ධාවන ස්ථානයේ සිට CUT OFF තත්ත්වයට ගෙන යාම, තාක්ෂණික ගැටළුවක්ද? එය මෘදුකාංග ගැටළුවක්ද? එය නියමුවන්ගේ දෝෂයක්ද? යන්න තවමත් ප්‍රශ්න කරවන්නකි.

බෝයිං ඩ්‍රීම්ලයිනර් 787  ගුවන් යානයේ යාන්ත්‍රික දෝෂයක් තිබු බව මෙම මූලික වාර්තාවේ සඳහන් නොවන අතර , ඒ සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද සඳහන් වනවා.

පසුගිය මාසයේ සිදුවු ගුවන් අනතුරින් යානයේ සිටි 242 දෙනාගෙන් 241 දෙනෙකු මිය ගියේ ය.

යානය කඩා වැටීමෙන් ගොඩනැගිලි 5කට පමණ හානි සිදුවු  අතර වෛද්‍ය ශිෂ්‍යන් ඇතුළු තවත් පුද්ගලයියන් පිරිසක් මිය ගිය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. .

වෙනත් ලිපි