කතරගම දේවාලයේ දිය කැපීමේ මංගල්‍යය අද පෙරවරුවේ.

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිමා කරමින් දිය කැපීමේ චාරිත්‍රය අද පෙරවරුවේ.

by Staff writer 11-07-2025 | 6:41 AM

COLOMBO (News 1st) - ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිමා කරමින් දිය කැපීමේ චාරිත්‍රය තවත් නොබෝ වේලාවකින් සිදුකිරීමට නියමිතයි.

ඒ මැණික් ගඟේ ජීවමාලී තොටුපලේදීයි.

ඊයේ(11) රාත්‍රී කතරගම අවසන් පෙරහැර වීථි සංචාරය දැක බලා ගැනීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් පැමිණ සිටියේය.

මෙවර කතරගම ඇසල පෙරහැර මංගල්‍යය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ සිරස TV හා සිරස FM