.webp)
පොලීසිය පැවසුවේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් එම සිදුවීමට ආධාර අනුබල දුන් අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යස අවුරුදු 21ක් වන මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පසුගිය මස 15වැනිදා යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු කොහුවල, කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට වෙඩි තබා පලාගොස් තිබුණි.