පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනයේ තොරතුරු රැසක් එළියට..

රාගමදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනයේ තොරතුරු රැසක් එළියට..

by Staff writer 04-07-2025 | 8:03 AM

COLOMBO (News 1st) - 

 

රාගම, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවත ප්‍රදේශයේ වෙඩි තැබිමකින් ආමි උපුල් නැමති සංවිධානාත්මක අපරාධකරු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් ඊයේ රාත්‍රි 10.30 ට පමණ සිය නිවස අසළ සිටියදී  ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බවයි.

45 හැවිරිදි ආමි උපුල් නැමැත්තා ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකි.

ඔහු යුධ හමුදාවේ හිටපු සෙබළෙකු බවද පොලිසිය පැවසුවේ ය.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ  පිස්තෝලයකින් ය.

රාගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.