.webp)
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා සඳහන් කළේ, ගුවන් හමුදාව සමග ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
ගාල්ලට මුහුදු සැතපුම් 9 -10ත් අතර Sea of Sri Lanka කලාපයේදී ඊයේ(29) උදෑසන එලෙස අනතුරට ලක්වුණේ, දිනේෂ් - 4 නමැති බහුදින ධීවර යාත්රාවකි.
අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ සිටි ධීවරයින් ගණන 5කි.
අනතුරින් පසු, නාවික හමුදාව හා ගුවන් හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේ ය.
එහිදී බෝට්ටුවේ සිටි ධීවරයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනිණි.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 46 සහ 59 යන වයස්වල පසුවන දෙදෙනෙකි.
අනතුරට ලක්වූ යාත්‍රාවේ සිට මුදාගත් ධීවරයින් දෙදෙනෙකු, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා සඳහන් කළේ, අනතුරින් විපතට පත්වූ ධීවරයින්ගේ පවුල්වලට සහන සැලසීමට උපදෙස් දුන් බවයි.