'Circle Of Dreams' නායකත්ව සමුළුව කොළඹදී..

'Circle Of Dreams' නායකත්ව සමුළුව දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති තාබෝ ම්බෙකිගේ ප්‍රධානත්වයෙන්

by Staff writer 28-06-2025 | 7:11 PM

COLOMBO(News1st) - 'Circle Of Dreams' නායකත්ව සංසදය අද කොළඹදී පැවැත්විය.

ඒ, දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

හෙට රටට අවැසි විශිෂ්ඨ නායකයින් බිහිකිරීමේ අරමුණෙන් මෙම නායකත්ව සංසදය අද පස්වරුවේ පැවැත්වුණේ කොළඹ Cinnamon Life City of Dreams හෝටල් පරිශ්‍රයේදී ය.

මෙම අවස්ථාවට, ව්‍යාපාර, ව්‍යවසායක, ක්‍රීඩා ආදී ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන පිරිස් එක්ව සිටියේ ය.

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු සහ කෘතහස්ථ දේශපාලඥයෙකු වන තාබෝ ම්බෙකි මහතාගේ අත්දැකීම් මෙම පිරිස අතර හුවමාරු කරගැනීමට 'Circle Of Dreams'  වැඩසටහන නිර්මාණය කර දුන්නේ වටිනා අවස්ථාවකි.

මෙහිදී නායකත්ව සංසඳයට සහභාගී වූ ආරාධිතයින්ට තාබෝ ම්බෙකි මහතාට ඔවුන්ගේ ප්‍රශ්න සෘජුව යොමු කිරීමටද අවස්ථාව සලසා තිබුණි.

සමාජය තුළ ජනතාව මුහුණ දෙන ගැටළු හා අභියෝග නව සමාජ ප්‍රවනතා ආදී තේමාවන් ඔස්සේ වැඩසටහන ක්‍රියාත්මක වූ අතර මෙම සංවාදය පිළිබදව පැමිණසිටි ආරාධිතයින්ගෙන් හිමි වුණේ ඉහළ ප්‍රතිචාරයකි.

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා වැඩසටහනින් අනතුරුව පැමිණ සිටි පිරිස සමග සුහඳ පිළිසදරක ද නිරත විය.