.webp)
එම අවස්ථාවට ඉරාන වැසියන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි.
කළු ඇඳුමින් සැරසී සිටි ඉරාන වැසියන් ආගමික චාරිත්‍ර ඉටුකරමින් අවසන් ගෞරව දැක්විය.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ අවම වශයෙන් විද්‍යාඥයින් 16 දෙනෙකුගේ හා හමුදා ප්‍රධානීන් 10 දෙනෙකුගේ අවසන් කටයුතු මෙලෙස සිදු කළ බවයි.
යුද ගැටුම් හේතුවෙන් වැසියන් 600කට අධික පිරිසක් මියගොස් 4,700 ක් පමණ තුවාල ලබා ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ, ඊශ්‍රායලයේ 28 දෙනෙකු මියගොස් 3,200 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.