ඉන්දීය නළු මෝහන්ලාල් හා බිමල් ජයකොඩි අතර හමුවක්

ධර්ම යුද්ධය 2 රූගත කිරීම් අතරතුර Drishyam මලයාලම් සිනමාපටයේ ප්‍රධාන රංගන ශිල්පී, ඉන්දීය සුපිරි නළු මෝහන්ලාල් ව මුණ ගැසීම ජීවිතේ ලොකු වටිනාකමක් - බිමල් ජයකොඩි

by Staff writer 25-06-2025 | 4:53 PM

COLOMBO (News1st) -ඉන්දීය සුපිරි නළු මෝහන්ලාල් ඔහුගේ නවතම චිත්‍රපටය වන "පේට්‍රියට්"හි රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

මේ ගමනේ විශේෂත්වයක් වුණේ, ධර්මයුද්ධය 2 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කරන ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩි සමග මෝහන්ලාල් සුහද හමුවකට එක්වීමයි

සැබවින්ම මෙය හුදෙක් හමුවීමකට වඩා එහා ගිය රටවල් 2ක සිනමාවේ දැවැන්තයින් දෙදෙනෙකුගේ හමුවීමකි.

" Drishyam" චිත්‍රපට මාලාවේ දෙවන සිංහල දිගහැරුම ලෙසින් එන "ධර්මයුද්ධය 2" සිනමා පටයේ රූගත කිරීම් සඳහා මෝහන්ලාල් බිමල් ජයකොඩි සහ ශ්‍රී ලංකා කණ්ඩායම සිය සුබ පැතුම් එක් කර තිබුණි.

සිනමා රසිකයින්ට නැවුම් බලාපොරොත්තුවක් දෙමින් Drishyam 3 සිනමා පටයේ සියලු වැඩ කටයුතු මේ වසර අවසන් වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් මෝහන්ලාල් පවසා සිටියේ ය.

කලාපීය සිනමාව සහ දේශසීමා මිත්‍රත්වය තුළ මෙය ඉතා වැදගත් හමුවීමක් ලෙස සැලකිය හැක.

ධර්ම යුද්ධය 2 රූගත කිරීම් අතරතුර, Drishyam මලයාලම් සිනමාපටයේ ප්‍රධාන රංගන ශිල්පී, ඉන්දීය සුපිරි නළු මෝහන්ලාල්ව මුණ ගැසීම ජීවිතේ ලොකු වටිනාකමක්. ඔහු නිරූපණය කළ චරිතයම නැවත ශ්‍රී ලාංකික රසිකයන් වෙනුවෙන් පනපොවන මොහොතක මෝහන්ලාල්ගේ සුබ පැතීම ඒ ගමන්ට ලොකු අත්වැළක් වූ බව බිමල් ජයකොඩි සඳහන් කර තිබුණි.