අලි මිනිස් ගැටුම පාලනයට ග්‍රාමාරක්ෂක භටයින්....

අලි මිනිස් ගැටුම පාලනය කිරීම සදහා ග්‍රාමාරක්ෂක භටයින් බදවා ගැනීමට තීරණයක්

by Staff writer 24-06-2025 | 9:46 AM

COLOMBO (News1st) - අලි මිනිස් ගැටුම පාලනය කිරීම සදහා ග්‍රාමාරක්ෂක භටයින් බදවා ගැනිමට තීරණය කර තිබේ.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළබී බවයි.

සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදි තිබේ.

තම දෙපාර්තමේන්තුවට අවශ්‍ය ග්‍රාමාආරක්ෂක භටයින් සංඛ්‍යාව පිළිබදව තොරතුරු ලබා දෙන ලෙසට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ,

බදවා ගන්නා ග්‍රාමාරක්ෂක භටයින් සදහා දැනට ඔවුන් ලබන වැටුපට අමතරව අමර ගෙවිමක් කිරිමටද නියමිතයි.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අලි මිනිස් ගැටුම හේතුවෙන් ගම්මාන රැසක ජනජිවිතය අඩාල වී ඇති බවයි.

එම ගම්මාන වල දරුවන්ට පාසලකට යාමට සහ එහි ජනතාවට රැකියාවන්ට යාමට පවා නොහැකි තත්ත්යක් උද්ගතව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වරයා සඳහන් කළේ ය.