.webp)
ඒ, මොණරාගල, මාලිගාතැන්න මහා විද්‍යාලයේ පානීය ජල ව්‍යාපෘතියයි.
මොණරාගල, මාලිගාතැන්න මහා විද්‍යාලය කියන්නේ දරුවන් 1300 කට අධික පිරිසක් අධ්‍යාපනය ලබන පාසලක්.
පිරිසිදු පානීය ජලය නොමැතිකමින්,පාසලට එන දරුවන් වගේම ගුරුවරුනුවත් මහත් පීඩාවට පත්ව සිටියා.
ඒ ප්‍රශ්නයට විසදුම් අරගෙන පසුගිය ජනවාරි 11 වැනිදා ගම්මැද්ද මාලිගාතැන්න ගම්මානයට ගියේ පානීය ජල ව්‍යාපෘතියක වැඩ අරාම්භ කිරිමටයි.
දැන් ඒ කටයුතු අවසන්.
අද සුභ මොහොතින් ඒ පානීය ජල ව්‍යාපෘතිය මාලිගාතැන්න වෙනුවෙන් තිළිණ කරන්න සූදානම්.
දියණිය සහ සැමියා සිහිපත් වීම පිණිස ව්‍යාපෘතියට අනුග්‍රාහකත්වය ලබා දුන්නේ බොරැල්ලේ පදිංචි මන්ත්‍රි අමරසිංහ මහත්මියයි.
ගම්මැද්ද සහ Google Benevity එක්ව සංවිධානය කරන ගර්භණී මාතාවන් වෙනුවෙන් පොෂණ මලු ලබාදීමේ වැඩසටහනත් අද එහිදී ක්‍රියාත්මක වීමට නියමිතයි.