.webp)
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය සඳහන් කළේ, උතුරේ සිට දකුණු වෙරළ දක්වා එම කණ්ඩායම් යොමුකර ඇති බවයි.
මේ අතර අනතුරට ලක්වු M.S.C. එල්සා නෞකාවේ තිබු මයික්‍රෝ ප්ලාස්ටික් කැබලි ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරිමේ කටයුතු අද(18) දිනයේත් සිදු කෙරේ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේ, යාපනය ,මන්නාරම සහ ගාල්ල දිස්ත්‍රික්කවල වෙරළ තිරවල ගොඩ ගැසි ඇති අපද්‍රව්‍ය අද දිනයේ ඉවත් කිරිමට පියවර ගන්නා බවයි.
ඒ සඳහා යුද හමුදාව සහ ප්රදේශවාසින්ගේ සහාය ලබා ගන්නා බව සාමාන්‍යාධිකාරිවරයා සදහන් කළේ ය.
අපද්‍රව්‍ය තවදුරටත් යාපනය, මන්නාරම,පුත්තලම සහ ගාල්ල දිස්ත්‍රික්කවල මුහුදු තීරවලට ගොඩ ගැසෙමින් ඇතැයි ද ජගත් ගුණසේකර මහතා පවසයි.
ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ MSC එල්සා භාණ්ඩ ප්‍රවාහන නෞකාව පසුගිය මස 25 වැනිදා ජල කාන්දුවක් හේතුවෙන් අනතුරට ලක් විය.
ඒ , ඉන්දියාවේ කේරල වෙරළට නාවික සැතපුම් 38 ඔබ්බෙන් පිහිටි සාගර කලාපයේදීයි.
මුහුදුබත් වනවිට නෞකාවේ බහාලුම් 643ක් ප්‍රවාහනය කරමින් සිට තිබේ.