.webp)
මෙලෙස අවලංගු කර තිබෙන්නේ, පසුගියදා අනතුරකට ලක්ව ජීවිත 242ක් අහිමිවූ ගුවන් ගමන වෙනුවෙන්, සැලසුම් කළ ගුවන් ගමනයි.
මෙම ගුවන් ගමන සඳහා ද සූදානම් කර තිබුණේ, බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානයක් වීම විශේෂත්වයකි.
අදාළ ගුවන් ගමන ඉන්දීය වේලාවෙන් පස්වරු 1.10ට අහ්මද්බාද් නුවරින් පිටත් වීමට නියමිතව තිබුණත් පසුව එය පස්වරු 3 දක්වා කල් දැමුණා.
නමුත් පස්වරු 1.45 පමණ එයාර් ඉන්දියා ගුවන් සේවය, අදාළ ගුවන් ගමන අවලංගු කළ බව නිවේදනය කළේ ය.
ගුවන් මගීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගුවන් ගමන අවලංගු කිරීම පිළිබඳව නිශ්චිත හේතුවක් එයාර් ගුවන් සමාගම සඳහන් කර නොතිබූ බවයි.
පසුගිය ජුනි 12 වැනිදා අහ්මද්බාද් නුවර සිට ලන්ඩනයේ ගැට්වික් බලා ගමන් ඇරඹූ ඉන්දීය ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානය අනතුරට ලක්වූ අතර ඉන් ජීවිත 240කට වැඩි ප්‍රමාණයක් අහිමි විය.