අදත් ප්‍රදේශ රැසකට තද වැසි

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

by Staff writer 17-06-2025 | 7:47 AM

COLOMBO (News 1st) -

අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි  අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තද සුලං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.