තුෂාර උපුල්දෙණියගේ වැඩතහනම් කිරීමට කැබිනට් තීරණයක්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට කැබිනට් තීරණයක්...

by Staff writer 09-06-2025 | 4:36 PM

COLOMBO (News 1st) - බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්), ගාමිණී .බී. දිසානායක මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඒ, ජනපති සමාව අනීතිකව භාවිත කර රැඳවියන් නිදහස් කර ඇතැයි, කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමටයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් ද, අද යළි ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කිරීමට ද, අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය.

ජනාධිපති සමාව නොලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු වෙසක් පොහෝදා නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්, විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.