පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්..

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිළිවෙළ - පොලිස් මූලස්ථානය

by Staff writer 09-06-2025 | 7:51 AM

COLOMBO (News 1st) - පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිළිවෙළ අද ආරම්භ වන බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිසිය පැවසුවේ අනුරාධපුර මිහින්තලය හා අටමස්ථානය ආශ්‍රිතව මෙම වැඩපිළවෙළක්‍රියාත්මක බවයි.

වැව් හා ජලාශ ආශ්‍රිතව විශේෂ ජීවිත ආරක්ෂක නිලධාරින් කණ්ඩායම් යොදවා ඇතැයි පොලීසිය පැවසුවේ ය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පැවසුවේ, මෙම විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිලිවෙල පැය 24 පුරා ක්‍රියාත්මක බවයි.

මේ අතර, අනුරාධපුර පූජා භූමියට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් රථගාල් 21 ක් වෙන්කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

මිහින්තලය පූජා භූමිය තුල පවතින රථ ගාල් සංඛ්‍යාව 07 කි.

එම ස්ථානයන්හි සිය රථවාහන නවතා තැබීම් සිදුකරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.