ජනපති හෙට ජර්මනියේ නිල සංචාරයක...

ජනපති හෙට ජර්මනියේ නිල සංචාරයක...

by Staff writer 09-06-2025 | 2:27 PM

COLOMBO (News 1st): තුන් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, හෙට (10) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්වේ.

ඒ, ජර්මන් ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ඇරයුමකට අනුවයි.

එම සංචාරයේදී ජනාධිපතිවරයා, එරට ජනාධිපති, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුලු පිරිසක් හමුවීමට නියමිතවේ.

දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩගැනීම පිළිබඳව පාර්ශව රැසක් සමග ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින් හමුවීමට ද, ජනාධිපතිවරයා සැලසුම් කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුලු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්වන බව, ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.