.webp)
ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ අදාළ කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය අදියර 3 කින් ක්‍රියාත්මක වූ අතර තුන්වෙනි අදියරේදී එම මුදල් ගනුදෙනුව සිදුව ඇති බවයි.
එහිදී පළමු සහ දෙවන පියවර යටතේ සිදුකළ කිරි ගවයින් ආනයනය පිළිබඳ නිකුත් කළ විගණන වාර්තා සැළකිල්ලට ගැනීමෙන් තොරව සහ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ආනයන සඳහා ඇනවුම් ලබා දී තිබේ.
ඔස්ට්‍රේලියාවේ වෙලාර්ට් රූරල් export සමාගමෙන් අදාළ කිරිගවයින් ආනයනය කිරීමට යෝජනා වී තිබූ අතර ආනයනයට සැලසුම් කර තිබූ කිරි ගවයින් සංඛ්‍යාව 2,500ක්
කෙසේ නමුත් අදාළ සැලසුම ඉක්මවා කිරි ගවයින් පහළොස් දහසක් ආනයනය කිරීමට එවක ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව කිරි ගවයින් පහළොස් දෙනෙකුට අදාළව මුළු කොන්ත්‍රාත් වටිනාකමින් සියයට විස්සක අතිකාරම් මුදල හෙවත් රුපියල් කෝටි 174.9ක මුදල ගෙවා ඇතැයි විගණන වාර්තාවේ සඳහන්.
විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2025 වසරේ පෙබරවාරි වන තෙක් අදාළ ගනුදෙනුවෙන් ලද කිසිදු ප්‍රයෝජනයක් වාර්තා නොවන බවයි.