ICCයෙන් නිවේදනයක්..

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගන නිවේදනය කරයි..

by Staff writer 02-06-2025 | 11:06 PM

COLOMBO (News 1st) - ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගන පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (02) නිවේදනය කළේ ය.

ඒ අනුව තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ ඉන්දියාවේ බැංගලෝර්, ගුවහාටි, ඉන්දෝර් මෙන්ම විශාකාපට්නම් ක්‍රීඩාංගනවලදීයි.

කණ්ඩායම් 8ක් එක්වන තරගාවලිය ලබන  සැප්තැම්බර් 30 වැනිදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.