පාකිස්ථාන අගමැතිගෙන් ඉන්දියාව ගැන ප්‍රකාශයක්

ඉන්දියාව සමග ඇති ආරවුල් විසඳා ගත යුතුයි - පාකිස්ථාන අගමැති

by Staff writer 27-05-2025 | 8:09 AM

COLOMBO (News1st) - ඉන්දියාව සමග පවතින සියලු ආරවුල් විසඳා ගැනීමට අවශ්‍ය‍ බව පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් පවසයි.

පාකිස්ථාන අගමැතිවරයා පැවසුවේ සිය සාමය පිළිබඳ යෝජනාව ඉන්දියාව පිළිගතහොත් එයින් ඔවුන්ටද සාමය අවශ්‍ය වන බවට පැහැදිලි වන බවයි

ඔහු මේ බව පැවසුවේ ඉරානයේ සිදුකළ සංචාරයක් අතරතුරදීයි

මේ අතර පාකිස්ථානය සමග සාකච්ඡා පැවැත්විය හැක්කේ පාකිස්තානය අත්පත් කරගත් කාශ්මීරය නැවත ලැබුනොත් පමණක් බව ,ඉන්දියාව පවසයි.

කාශ්මීර දේශසීමාවේ ත්‍රස්තවාදය පිළිබඳව ද ඉන්දියාව එහිදී නැවත අවධාරණය කර තිබේ.