කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද පැය 12ක ජල කප්පාදුවක්...

by Staff writer 25-05-2025 | 6:59 AM

COLOMBO (News 1st) - කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද (25) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඊට හේතුවී ඇත්තේ, අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තුවක්.

ඒ අනුව කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇත.

ඊට අමතරව, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, අයිඩීඑච්, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇත.

ජල සම්පාදන මණ්ඩලය, පාරිභෝගිකයින්ට දැනුම් දෙන්නේ, ජලය එක් රැස් කර තබා ගන්නා ලෙසයි.