ආසියානු යොවුන් බොක්සින් තරගාවලිය....

අපේ ක්‍රීඩකයින් රිදියෙන් සැරසූ ආසියානු යොවුන් බොක්සින් තරගාවලිය....

by Staff writer 23-05-2025 | 10:50 PM

COLOMBO (News 1st) - 2025 ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලියේ අවසන් දිනය වූ අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රිදී පදක්කම් 4ක් හිමි විය.

2025 ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය 11 වැනි දිනටත් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (23) පැවැත්වුණි.

හංසනී නායකරත්න එහි තරග කළේ, වයස අවුරුදු 22න් පහළ කිලෝ ග්‍රෑම් 63 බර පන්තියේ අවසන් තරගයටයි.

කසක්ස්ථානයේ අරූසාන් සන්ගබයේවා එම තරගය ජය ගනිමින් රන් පදක්කම දිනා ගත් අතර, හංසනීට රිදී පදක්කම හිමි විය.

වයස අවුරුදු 22න් පහළ කිලෝ ග්‍රෑම් 75 බර පන්තියේ අවසන් තරගයට එක් වූ  සඳුනි නරසිංහට හිමි වූයේද රිදී පදක්කමයි.

තරගය ජය ගත් කසක්ස්ථානයේ ෂුගිලා නාලිබේ එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය.

නෙත්මි තරුෂිකා, වයස අවුරුදු 22න් පහළ කිලෝ ග්‍රෑම් 81 බර පන්තියේ අවසන් තරගයට සහභාගී වූ අතර

ඉන් ජය ගත් කසක්ස්ථානයේ ෂිබෙක් ෂාරාස්කිසි රන් පදක්කමට හිමිකම් කියූ අතර, රිදී පදක්කම හිමි වූයේ නෙත්මි තරුෂිකාටයි.

වයස අවුරුදු 22න් පහළ කිලෝ ග්‍රෑම් 75 බර පන්තියේ අවසන් තරගයට ශ්‍රී ලංකාවේ මොහොමඩ් යස්මින් උසෙයිත් සහභාගී විය.

ඔහුගේ ප්‍රතිවාදියා වූයේ කසක්ථානයේ කොන්ස්බෙකොව් අමාන්.

එම තරගය ජය ගත් අමාන් රන් පදක්කමට හිමිකම් කී අතර, ශ්‍රී ලංකාවේ උසෙයිත්ට රිදී පදක්කම හිමි විය.