O/L Fail වුණත් A/L කරන්න අවස්ථාව

O/L Fail වුණත් A/L කරන්න අවස්ථාව

by Staff writer 20-05-2025 | 8:24 AM

COLOMBO (News 1st) - සමත් අසමත්භාවය නොසලකා උසස් පෙළ හැදැරීමට සිසුන්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ.

උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව වෘත්තිය විෂය ධාරාව සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත්භාවය සලකා නොබලනු බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

අමාත්‍යංශය පැවසුවේ https://moe.gov.lk/2025/05/37984/ යන සබැඳියට පිවිසීමෙන් ඒ සඳහා අයැදුම්පත් ලබා ගත හැකි බවයි.