දරුවෙකුට මරු කැඳවූ අනතුර...

හබරණ කුඩාරඹා වැව ප්‍රදේශයේ රිය අනතුරකින් දරුවෙකු මරුට...

by Staff writer 18-05-2025 | 1:23 PM

COLOMBO (News 1st) - හබරණ කුඩාරඹා වැව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 8 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, මාර්ගය අසළ සිටි දරුවාගේ කැබ් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ දරුවා, හබරණ රෝහලෙන්, දඹුල්ල රෝහලට මාරු කර යැවීමෙන් පසු මිය ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය පැවසුවේය.