තුසිත හල්ඔලුවට එල්ලවූ ප්‍රහාරය:CCTV ඔස්සේ විමර්ශන

තුසිත හල්ඔලුවට එල්ලවූ වෙඩි ප්‍රහාරය : CCTV ඔස්සේ විමර්ශන

by Staff writer 18-05-2025 | 1:41 PM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ තුසිත හල්ඔලුව මහතා ගමන් කළ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් 4 ක් මගිනි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකරයි.

වෙඩි තැබීම කළ අවස්ථාවේ තුසිත හල්ඔලුව මහතා සතුව තිබූ වැදගත් ලිපි ගොනුවක් අදාළ පුද්ගලයින් රැගෙන ගොස් ඇත.

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් ඉදිරිපිටදී ඊයේ රාත්‍රියේ එම වෙඩි තැබීම සිදුවිය.

වෙඩි තැබීමෙන් තුසිත හල්ඔලුව මහතාට කිසිදු තුවාලයක් සිදුනොවීය.