.webp)
ඒ , වැඩබලන පොලිස්පතිවරයා විසින් අනතුර විමර්ශනයට පත් කරන ලද කමිටුව විසින් කරන ලද ඉල්ලිමකට අනුවයි.
පරික්ෂාවට සඳහා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥවරුන් තුන්දෙනෙකු සභභාගී වී තිබේ.
රජයේ රස පරීක්ෂකවරයා ද ඊයේ(14) අනතුරට ලක් වූ බස් රථය පරික්ෂා කළේ ය.
පොලිසිය සඳහන් කළේ, අනතුර විමර්ශනයට පත්කළ පංච පුද්ගල කමිටුව පෙරේදා එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළ බවයි.
ගම්පොළ ප්රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්රදේශයේදී බස් රථයක් ප්රපාතයකට පෙරළීමෙන් සිදුවු එම අනතුරින් අහිමිවූ ජිවිත ගණන 23 කි.
මේ අතර ඊයේ(14) කොත්මලේ රම්බොඩ ප්රදේශයේදි අනතුරට පත් වෑන් රථයේ සිටි පුද්ගලයින් 17 දෙනාගෙන් කාන්තාවන් තිදෙනෙක් වැඩිදුර ප්රතිකාර සඳහා ගම්පොල රෝහලේ සිට මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.
පොලිසිය සඳහන් කළේ, රාජාංගනය ප්රදේශයේ සිට නුවරඑළිය දක්වා විනෝද චාරිකාවක් පැමිණ නැවත යමින් සිටි පිරිසක් එම අනතුරට ලක්ව ඇති බවයි.
පසුගියදා 23 දෙනෙකුට දිවි අහිමි වූ බස් රථ අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් කිහිපයක් දුරින් මෙම වෑන් රථ අනතුරු සිදුව තිබේ.
පොලිසිය සැක පල කරන්නේ, කාර්මික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇති බවයි.
මේ අතර දුර ගමන් සේවා බස් රථ පරික්ෂා කිරීමේ මෙහෙයුම තවදුරටත් ක්රියාත්මක බව පොලිසිය පවසයි.
ඒ , වැඩබලන පොලිස්පති නිතීඥ ප්රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මතයි.