.webp)
සර්වඥ ධාතූන් වහන්සේ, අභිනීල අක්බමර කේෂ ධාතූන් වහන්සේ මෙන්ම මහ රහතුන්වහන්සේගේ ධාතූන් වහන්සේ, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩම කරවීම ආරම්භ වූයේ, පසුගිය 9 වැනිදායි.
මේ වනවිට කැලණිය රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහර උදෑසන 8.00ට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව රිය පෙරහැර, අංගොඩ හන්දිය හරහා කලපළුවාව හන්දිය දක්වාත්, කොස්වත්ත ,බත්තරමුල්ල ,දියතඋයන ,රාජගිරිය ,ඩී එස් සේනානායක හන්දිය ,නෙළුම්පොකුණ වටරවුමෙන් කොළඹ මහ නගර සභාවට පැමිණ කොළඹ 02 බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි සිරස මාධ්‍ය ජාලයේ මූලස්ථාන පරිශ්‍රයට ළඟාවීමට නියමිතයි.
ගාල්ල පරමානන්ද රජමහා විහාරස්ථානයේ වැඩ සිටින, 1886 දී චූලංකාර රජු මෙරටට දායාද කළ ධාතූන් වහන්සේ ද සිරසා නමාමි සිරස වෙසක් කලාපයට වැඩම කරවීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්.
සිරසා නමාමි සිරස වෙසක් කලාපය අද පස්වරුවේ සැදැහැවතුන් වෙනුවෙන් විවෘත වෙයි.
මෙවර සිරස වෙසක් කලාපය සර්වඥ ධාතු වන්දනා, දර්ශනීය පෙරහැර, දන්සැල්, තොරණ,වෙසක් කූඩූ ,බැති ගී ආදියෙන් සමන්විතයි.
සිරසා නමාමි සිරස වෙසක් පෙරහැර වීදී සංචාරය ආරම්භ කරන්නේ, අද රාත්‍රී 7.00 ට යෙදෙන සුබ මොහොතින් ය.
පෙරහැර සිරස මූලස්ථාන පරිශ්‍රයේ සිට, ඩෝසන් වීදිය පාක් ස්ට්‍රීට් ඔස්සේ කොළඹ පුරහල අසළින් ලිප්ටන් වටරවුම පසුකර, යූනියන් පෙදෙස හරහා, නැවතත් වෙසක් කලාපයට පැමිණෙනු ඇති .