කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..

වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..

by Staff writer 12-05-2025 | 6:19 AM

COLOMBO (News1st)-වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, වෙසක් සිරි නැරඹිමට විශාල මහජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන හෙයින්, මෙම ප්‍රදේශයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාමක කිරීමට නියමිත බවයි.

වෙසක් කලාප පවත්වනු ලබන මාර්ගයන්හි පදිංචි කරුවන්ට සහ රෝහල් හා අත්‍යවශ්‍ය සේවා සපයනු ලබන ආයතන වෙත ගමන් කරන වාහන සඳහා අවස්ථානුකූලව ඇතුළුවීමට ඉඩ ලබා දීම සිදුකරනු ලබන අතර වෙසක් කලාප ක්‍රියාත්මක වන කාලසීමාව තුළ එම ප්‍රදේශවලට කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ සඳහා ඇතුළුවීමට අවසර නොදෙන බව පොලිසිය සඳහන් කළේ ය.

රථවාහන තදබදය සාමන්‍ය තත්ත්වයට පත් වූ වහාම සියලුම මාර්ග සමාන්‍ය ලෙස දෙදිසාවටම ගමන් කරවීමට කටයුතු සලසනු ලබන බව පොලිසිය සඳහන් කළේ ය.

මේ අතර, මෙම වෙසක් කලාප පැවැත්වෙන කාලසීමාව තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේ ය.