ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්

ඉන්දු - පාකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්

by Staff writer 11-05-2025 | 6:45 PM

COLOMBO (News 1st)-ඉන්දියාව සහ පාකිස්ථානය සටන් විරාමයකට පැමිණීමට ගත් තීන්දුව දෙපාර්ශවයේ අහිංසක ජීවිත ගලවා ගැනීමට ගත් තීරණාත්මක එකඟතාවයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, එය තිරසර සාමය සහ කලාපීය ස්ථාවරත්වය අත්කර ගැනීමේ පළමු සහ ප්‍රමුඛ පියවරක් වන බවයි.

ඉන්දු - පාකිස්ථාන අර්බුදය විසඳා ගැනීමට වෙඩි උණ්ඩ වෙනුවට වචන යොදා ගැනීම තුළින් ඔවුන්ගේ ප්‍රඥාව සහ රාජ්‍යතාන්ත්‍රික කුසලතාවය පෙන්නුම්කරන බව ද ජනපතිවරයා පැවසුවේ ය.

දෙරටෙහි අඛණ්ඩ සංවාදයට සහය ලබාදෙන අතර, කලාපීය සාමය අත්කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම දායකත්වයක් ලබා දීමට සූදානම් බව ද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනය සඳහන් ය.