ලෝක බැංකුවේ සභාපති අගමැතිනිය හමුවෙයි...

ලෝක බැංකුවේ සභාපති අගමැතිනිය හමුවෙයි...

by Staff writer 08-05-2025 | 2:49 PM

COLOMBO ( News1st) - ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයී.

එහිදී ලෝක බැංකු සභාපතිවරයා, කෘෂිකර්මාන්තය සහ ඊට අනුබද්ධිත ප්‍රධාන අංශ සංවර්ධනය සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතයේ වැදගත්කම අවධාරණය කර තිබේ.

නවෝත්පාදන සහ ඵලදායීතාව සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතයේ හැකියාව ගවේෂණයට ඔහු, ශ්‍රී ලංකාව දිරිමත් කළේ ය.

එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවේ, සෞඛ්‍ය සේවා ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට සහ තාක්ෂණික මෙන්ම වෘත්තීය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය අඛණ්ඩව උත්සහ දරන බවයි.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී ලබාදුන් සහයෝගය වෙනුවෙන්, අග්‍රාමාත්‍යවරිය, ලෝක බැංකුවට ස්තුතිය පුද කළා ය.

නිල සංචාරයක් සඳහා ලෝක බැංකු ප්‍රධානී අජේ බංගා මහතා ඊයේ දිවයිනට පැමිණි අතර

අනතුරුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ ඔහු, ඉදිරි වසර තුන සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍යාධාරයක් ලබාදෙන බව, නිවේදනය කළේ ය.

ඒ, මෙරට රැකියා උත්පාදනය සහ පෞද්ගලික අංශයේ ව්‍යාප්තිය වෙනුවෙනි