පළාත් පාලන ඡන්ද විමසීම ඇරඹෙයි..

පළාත් පාලන ඡන්ද විමසීම ඇරඹෙයි..

by Staff writer 06-05-2025 | 7:00 AM

COLOMBO (News1st)-2025 පළාත් පාලන ඡන්ද විමසීම, මේ වන විට ආරම්භ වී තිබේ.

එය අවසන් වන්නේ පස්වරු 4 ටයි.

මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, පළාත් පාලන ආයතන 339 ක් සඳහා සභිකයින් 8287 දෙනෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් ය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිවයින පුරා ස්ථාපිත මධ්‍යස්ථාන සංඛ්‍යාව, 13 759 කි.

ඒ සඳහා ඡන්ද දායකයින් එක් කෝටි 71 ලක්ෂ 56 338 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.

පිළිගත් දේශපාලන පක්ෂ 49 ක් සහ ස්වාධීන කණ්ඩායම් 257 ක් නියෝජනය කරමින් පළාත් පාලන ඡන්ද විමසීමට තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව, 75 589 කි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා ඡන්ද දායකයින්ට දැනුම් දෙන්නේ, උදෑසනින්ම ගොස් ඡන්දය සලකුණු කරන ලෙසයි.