.webp)
COLOMBO (News1st)-ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද වියට්නාමයේ හෝ චි මින් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලට එක් වෙයි.
එහි ප්‍රධාන ආරාධිත දේශනය පවත්වන්නේ ද, ජනාධිපතිවරයායි.
තුන් දින රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපතිවරයා පසුගිය 3 වැනිදා පස්වරුවේ වියට්නාමය බලා පිටත්ව ගියේ ය.
වියට්නාම ජනාධිපතිවරයා සමග හමුව පැවැත්වුණේ ඊයේ පස්වරුවේ ය.
ඊට අමතරව එරට කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පාර්ශ්ව රැසක් සමග ජනාධිපතිවරයා සාකච්ඡා කළේ ය.
වියට්නාම සංචාරය අවසන් කරමින් ජනාධිපතිවරයා අද දිවයිනට පැමිණීමට නියමිතයි.