පුද්ගලයෙකුට දිවි අහිමි කළ මිටියාගොඩ වෙඩි තැබීම...

පුද්ගලයෙකුට දිවි අහිමි කළ මිටියාගොඩ වෙඩි තැබීම...

by Chathurika Jayasundara 04-05-2025 | 8:20 AM

COLOMBO ( News 1st ) - මිටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ ඊයේ(03) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබයි.

පොලීසිය සඳහන් කළේ ඔවුන් අවන්හලක මත්පැන් පානය කරමින් සිටියදී යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයින් හතර දෙනෙකු වෙඩි තැබීම කර පලා ගොස් ඇති බවයි.

වෙඩි තැබීම සඳහා ටී56 ගිනි අවි දෙකක් යොදාගෙන තිබේ.

මියගොස් ඇත්තේ 47 හැවිරිදි මිටියාගොඩ පදිංචිකරුවෙක්.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

වෙඩි තැබීම සිදුවූ අවන්හලේ හිමිකරු මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට තරග වදින අපේක්ෂකයෙකු බව ද පොලීසිය සඳහන් කළේ ය.