.webp)
COLOMBO ( News 1st ) - පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නිහඬ කාලසීමාව මේ වන විට ක්‍රියාත්මකයි.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ මෙම කාල සීමාවේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය සහ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම තහනම් වන බවයි.
ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම හෙට(05) උදෑසන ආරම්භ වේ.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි.
දිවයින පුරා මධ්‍යස්ථාන 13,759කදී මෙවර ඡන්ද විමසීම පැවැත්වේ.
ඒ සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව හැත්තෑ දහසකට අධිකයි.
පළාත් පාලන ආයතන 339ක් වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ පනස් හය දහස් තුන්සීය තිස් අටක්.
විශේෂ අවශ්‍යතා සහිත ඡන්ද දායකයින් සඳහා අවශ්‍ය පහසුකම් සළසා ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.